Spread the love

මෙරට ආර්ථික ඩයිනමෝව ශක්තිමත් කර ජනතාවට සුබවාදී හෙට දවසක් උදාකරන්නට කැපවෙන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි

දූෂණය, වංචාව, හොරකම, අල්ලස සහ කොමිස් දේශපාලනය සහමුලින් ඉවත් කර ජනතාව ජීවත්කරවන සහ රට සංවර්ධනය කරන පොදුජන යුගයක් නිර්මාණය කිරීමට තමා දළඳා වහන්සේ ඉදිරිපිට ප්‍රතිඥා දුන් බව ඔහු සඳහන් කළේය.

තම රජයක් තුළ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය කර්මාන්තකරුවන්ට දිරිගැන්වීමක් ලබා දී මෙරට ආර්ථික ඩයිනමෝව ශක්තිමත් කිරීමටද, නව රැකියා හා කර්මාන්ත බිහි කරමින් දුප්පත්කම තුරන් කිරීමටද කැපවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.