Spread the love

විදේශ ගතවීමට තිබු ආසාව නිසා අලුතින් ගොඩනගාගත් මිතුදමින් ලක්ෂ ගනනක මුදලක් අහිමි කරගත්  පුවතක්  යාපනය පොලිසියෙන් වාර්තා වෙයි.

ඒත් ඔබට මේ වගේ අවස්ථාවක් ලැබෙනවා නම් ඒ ගැන එකපාරක් නෙවෙයි, දෙතුන් වතාවක් හිතන එක වටිනවා.. මේ කතාව ඇහුවම ඔබටත් එහෙම හිතේවි..

යාපනය ප්‍රදේශයේ පිහිටි බැංකුවකින් රුපියල් ලක්ෂ 65ක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු යාපනය පොලීසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත .

ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවකුට විදේශ රටක සිට දුරකතන ඇමතුමක් ලැබී ඇති අතර එහිදී ඇමතුම ලබා ගත් පිරිස ප්‍රකාශ කොට ඇත්තේ ඔහුට ලන්ඩනයේ රැකියාවක් ලබා දිය හැකි බවයි..

දුරකතන ඇමතුම ලැබී ඇත්තේ ලන්ඩනයේ අංකයකින් නිසා ඔහු ඊට කැමැත්ත පල කොට එම කණ්ඩායම ප්‍රකාශ කරණ අන්දමට පියවරෙන් පියවර සිය දුරකතනය මගින් විවිධ ක්‍රියාකාරකම් සිදුකොට ඇත .

ඔහුගේ ගමන් බලපත්‍රයේ අංකය බැංකු කාඩ්පත් විස්තර යනාදිය එම පිරිස ලබාගෙන දින කීපයකට පසුව ඔහු මෙතෙක් සම්බන්ධ වී සිටි කණ්ඩායමේ සියලු දුරකතන අංක අක්‍රිය වී  තිබේ .

පසුව ඔහු බැංකුවට ගොස් තම ගිණුම පරීක්ෂා කිරීමේදී ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 65ක මුදලම වෙනත් පිරිසක්  ලබා ගෙන ඇති බවටයි හෙළි වී ඇත්තේ..