Spread the love

පුද්ගලයන් විදේශගත කරන බව පවසා රුපියල් ලක්ෂ 47කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පහ පොලීසියට ලද පැමිණිලි 04ක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකට අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, 53 හැවිරිදි උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.