Spread the love

රට බින්දුවට වැටී තිබූ අවස්ථාවේ රට භාරගත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවරෙන් පියවර ගැටලු විසඳමින් මේ වන විට ඩොලර් බිලියන 5 ක් දක්වා විදෙස් සංචිත වර්ධනය කිරීමට කටයුතු කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

ඉදිරි මාසයේදීද පෙට්‍රල් ඩීසල් මිල තවදුරටත් අඩුවන බවත් මිනිසුන්ට සහන ලබාදෙමින් යන ගමනේ දේශපාලන සුරක්ෂිත භාවයක් ඇති කර දීමට ජනතාවට යුතුකමක් ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.

යළිත් රට වැටුන හොත් ඒ සඳහා සිටින්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පමණක් බවත් වෙන පුද්ගලයෙකුට එය කළ නොහැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.