නිමල් රාජපක්ෂ-
ඉදිරි අයවැය සැකසීමේදී ලැබී ඇති කිසිදු ඉල්ලීමක් ඉවත නොදමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කෙසේ වෙතත් එම ඉල්ලීම් පිලිබඳව සලකා බැලීමේදී රට නැවත වරක් අගාධය කරා නොයන ආකාරයෙන් , අයිසිං තවරන ලද ආර්ථික ප්‍රතිපත්තියට නොයා ගැඹුරින් සිතා බලා කටයුතු කළයුතු බවයි.
ඊයේ සවස දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
ජනතාව විඳින පීඩනය අමතක කර ඉදිරියට යා යුතු බව ඉන් අදහස් නොකරන බව සඳහන් කළ අමාත්‍යවරයා ස්ථිරසාර ආර්ථික වර්ධනයකට යා හැකි අයවැය ලේඛනයක් ඉදිරිපත් කළ යුතු බවද එහිදී කියා සිටියේ ය.
රාජ්‍ය වියදම අඩුකර ගනිමින් ආදායම වැඩිකර ගැනීමට මෙතරම් අවධානය යොමුකළ යුගයක් තවත් නැතැයි සඳහන් කළ අමාත්‍යවරයා සියලු අභියෝගවලට මුහුණ දෙමින් , කාලයක් තිස්සේ හැඩගැහුණු නීති පද්ධතියක් , කාලයක් තිස්සේ හැඩගැහුණු නිලධාරී කොට්ඨාශයක් මෙන්ම කාලයක් තිස්සේ හැඩගැහුණු ජාවාරම් කරුවන් පිරිසක්ද සිටින බැවින් ඒ සියල්ල හා බැඳුනු කාලයක් තිස්සේ පවතින රටාව වෙනස් කිරීමේදී එය ඉතාමත්ම සීරුවෙන් සිදු කළ යුතු බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.