නාගොඩ සුමන
රජයේ වී ගබඩා 84ක් පිරිසිදු කිරීමේ කටයුතු මේ වනවිට අවසන් කර ඇතිබව වී අලවි මණ්ඩලය පවසයි.
යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් එය සිදුකර තිබේ.
කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, අනුරාධපුර, පොලොන්නරුව, මඩකලපුව, මහනුවර, මාතලේ, බදුල්ල, මොණරාගල, කොළඹ, කුරුණෑගල, රත්නපුර, හම්බන්තොට සහ මාතර යන දිස්ත්‍රික්ක වල වී ගබඩා එලෙස පිරිසිදු කර තිබේ.
මෙවර මහ කන්නයේ වී අස්වැන්නෙන් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීම රජයේ අරමුණ වී තිබේ.