Spread the love

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන විධිමත්ව භාරනොදී තැන් තැන්වල ගාල් කරයෑම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසයි. 

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද (25) පෙරවරුවේ මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේය.

නව ජනාධිපතිවරයා බලයට පත්වීමත් සමග විවිධ පුද්ගලයින් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රථවාහන එම ලේකම් කාර්යාලය අසල බාලදක්ෂ මාවතේ පිහිටි රථ ගාලේ සහ පදනම් ආයතනය ආසන්නයේ ගාල්කර තබා යන අයුරු දක්නට ලැබෙයි.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා අද පෙරවරුවේ බාලදක්ෂ මාවතේ පිහිටි රථ ගාලට පැමිණ තිබුණි.