රාජ්‍ය සේවයට අලුතෙන් බඳවාගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තහනමක් එක්තරා දුරකට පනවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.
නමුත් අත්‍යවශ්‍යම පුරප්පාඩු පමණක් පිරවීම සඳහා ආණ්ඩුව තීරණයක් ගෙන ඇති බවද හෙතෙම පැවසුවේය.
රට තුළ රාජ්‍ය සේවයේ ලක්ෂ පහළොවක පමණ පිරිසක් සිටියද ඉන් වැඩි ප්‍රමාණයක් දේශපාලන වුවමනා මත ස්ථාන කිහිපයක ගොඩගසා ඇති බවත් අත්‍යවශ්‍ය ස්ථානයන් සඳහා සේවක හිගයක් පවතින බවත් ඒ මහතා පෙන්වා දෙයි.
කම්කරු වැනි තනතුරු සදහා බදවා ගැනීමට මුල්‍ය අරමුදලෙන් තහනමක් ඇතත් ඉහල නිලධාරී මට්ටමේ බදවා ගැනීම් කල හැකි බවත් හෙතෙම තව දුරටත් පැවසුවේය.
මහනුවරදී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.