Spread the love

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ කමිටු සාමාජිකයන් වැඩි දෙනෙකුගෙන් බහුතර කැමැත්ත මත කමිටු සභාපතිවරයා ඉවත් කිරීමේ හැකියාව ඇත.

ඒ අතර සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට කටයුතු යොදමින් සිටී.

එය සදුදා දිනයේ කතානායකවරයාට භාර දීමට කටයුතු යොදමින් තිබේ.