Spread the love

යුක්තිය මෙහෙයුමට සමගාමිව සිදුකරන මෙහෙයුම් වලදී ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කුඩු රොෂාන්, කවිදු මදුරංග සහ හෙට්ටිආරච්චිගේ ශ්‍රියානී නැමති කාන්තාවට අයත් වාහන සහ දේපල රැසක් නීති විරෝධී වත්කම් හෝ දේපල විමර්ශන කොට්ඨාසය මගින් දේපල තහනමට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද වාහන වල වටිනාකම.

TOYOTA LAND CRUISER PRADO වර්ගයේ ජීප් රථය රු.ලක්ෂ 330
TOYOTA KDH වර්ගයේ වෑන් රථය රු.ලක්ෂ 130
TOYOTA CHR වර්ගයේ කාර් රථය රු.ලක්ෂ 76
TOYOTA AQUA වර්ගයේ කාර් රථය රු.ලක්ෂ 64
‍BAJAJ වර්ගයේ ත්‍රී රෝද රථය රු.ලක්ෂ 10
අත්අඩංගුවට ගන්නා ලද දේපළ වල වටිනාකම.

පර්චස් 7.5ක තලගල පිහිටි ඉඩම වටිනාකම ලක්ෂ 15යි
පර්චස් 05ක ඉඩම(මාලඹේ) වටිනාකම ලක්ෂ 45යි
අංක 129 රජවත්ත ටෙරස්, ජාඇල, කොටුගොඩ පර්චස් 12.5 ක ඉඩම සහ දෙමහල් නිවස
මුළු වටිනාකම ලක්ෂ 240යි
නිවන්දන දකුණ, ජා ඇල ලිපිනයේ පිහිටි ඉඩම (ඉඩමෙහි ප්‍රමාණය මේ වන තුරු අණාවරනය නොවේ) ලක්ෂ150යි
මෙහිදී තහනමට ගත් මුළු වාහන වල වෙළෙඳපල වටිනාකම ලක්ෂ 610 ක් සහ ඉඩම් හා නිවාස වල ලක්ෂ 450 ක වෙළෙඳපල වටිනාකමක් පවතින බව අනාවරණය වී ඇත.

මුළු වාහන සහ දේපල වල වෙළෙඳපල වටිනාකම ලක්ෂ 1060 කි.