Spread the love

යුක්තියේ මෙහෙයුමට සමගාමිව හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් පරික්ෂාවට ලක් කිරිම (06) දින වටවල දියගල ප්‍රදේශයේදි සිදු කෙරිණ.

හැටන් පොලිස් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතාගේ අධික්ෂණය යටතේ හැටන් සහකාර පොලිස් අධිකාරි 01 එම්.ෆාරුක් මහතාගේ මෙහෙයවිම යටතේ වටවල පොලිසියේ නිලධාරින් සහ මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් එක්ව මෙම මෙහෙයුම දියත් කර තිබුණි.

මෙම මෙහෙයුමේදි ඇල්පිටිය සිට ශ්‍රි වන්දනාවේ වන්දනාකරුවන් පිරිසක් රැගෙන පැමිණි පෞද්ගලික බස් රථයක මගින්ට අවහිර වන සේ සවි කර තිබු අමතර විදුලි බුබුළු සහ උපාංග ගලවා ඉවත් කිරිමට රියදුරුට මෙහෙයුමට සහභාගි වු පොලිස් නිලධාරින් උපදෙස් ලබාදෙනු ලැබුහ.

මෙහෙයුමට සමගාමිව කොළඹ සහ මහනුවර ප්‍රදේශවල සිට හැටන් සහ නුවරඑලිය දක්වා පැමිණෙන සියළුම වාහන පරික්ෂා කර මත්ද්‍රව්‍ය භාවිතා කරන සහ අලෙවි කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනිමට තොරතුරු ලබා ගැනිම සදහා නිකුත් කර ඇති විශේෂ දුරකථන අංකය සහිත ස්ටිකරය අලවනු ලැබුහ.