Spread the love

යුක්තිය මෙහෙයුමේ දෙවන අදියරේදි සැකකරුවන් 1,403 දෙනෙකු ඊයේ දිනයට පමණක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගත් අය අතර සැකකාරියන් 63 දෙනෙකු සිටියහ. ඒ අනුව සැකකරුවන් 57 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.

මෙම මෙහෙයුමේදී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 86ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 782.7ක්, ගංජා කිලෝග්‍රෑම් 3.74ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.