Spread the love

අපරාධ හා මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක කර ඇති මෙහෙයුම් සඳහා හෙට (11) සිට ත්‍රිවිධ හමුදාවේද සහය ලබාගෙන තවදුරටත් දැඩි කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

තමන් ලබන වසර වන විට මෙරට අපරාධ හා මත්ද්‍රව්‍ය තත්ත්වයේ පැහැදිළි වෙනසක් කරන බවයි උත්සවයක් අමතමින් පොලිස්පතිවරයා සඳහන් කළේ.

ඒ අනුව හෙට සිට පූර්ණකාලීනව මෙම මෙහෙයුම් දැඩි කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩිදුරටත් පැවසුවේය‍