Spread the love

වතුකරයේ ළමුන් බෝහෝ පිරිසක් අධ්‍යාපනය අතහැර දමා ඇති බව ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතා පැවසිය.

ජොශප් ස්ටාලින් මහතා ඒ බැව් කියා සිටියේ (20) දින හැටන් නගරයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිණි.

මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු ජොශප් ස්ටාලින් මහතා කියා සිටියේ,

පොංගල් උත්සවය අවසන් වුණාට පස්සේ හැටන් නගරයේ (21) දින ජාතික පොංගල් උත්සවයක් තියන්න සංවිධානය කරලා තියෙනවා , වතුකරයේ ජනතාවට කිසිදු ගැටළුවක් නැ සශ්‍රිකයි කියලා පෙන්වන්න හදනවා.

මධ්‍යම පළාතේ ළමුන් 1989 දෙනෙක් අධ්‍යාපනය අතහැරලා දලා තියෙනවා පසුගිය අවුරුද්දේ , නුවරඑලියේ ළමුන් 570 ක් , හැටන් වල 541 ක් , කොත්මලේ ළමුන් 319 ක් , ගම්පොල ළමුන් 209 ක් අධ්‍යාපනය අත ඇරලා තියෙනවා.

වර්තමානයේ පවතින අර්ථික අර්බුධය , භාණ්ඩ මිල ඉහල යාමත් සමග ළමුන්ගේ මන්දපෝෂණ තත්ත්වය ඉහල ගොස් තියෙනවා.

පාසල් වල දිවා ආහාර ලබාදිමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා නමුත් වැට් බද්දත් එක්ක දැන් එහෙම ආහාර ලබා දෙන්න පුළුවන්ද ?

මේකට කිසිදු විසදුමක් නැ , කෙසේ හෝ අධ්‍යාපනය ලබාදිම තමයි මේ අය සිදු කරන්නේ , පොංගල් උත්සව එහෙම ප්‍රදර්ශනාත්මකව තියනවා හැබැයි ළමුන් බඩගින්නේ.

තොණ්ඩමන් වැනි ඇමතිවරුන් රජයේ වරප්‍රසාද භුක්ති විදිමින් ජනතාව රවට්ටමින් ඉන්නවා , වතුකරයේ ජනතාව මෙරටට පැමිණ අවුරුදු 200 ක් වෙනවා තවම එකතැන.

වතුකරයේ ළමුන්ගේ අධ්‍යාපනය කඩා වැටිලා නම් මොකටද අවුරුදු 200 සමරන්නේ?

යුක්තියේ මෙහෙයුම වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් සහ අලස් ඇමතිවරයා තමන්ගේ ප්‍රතිරුපය ගොඩනගා ගන්න හදන වැඩක්, මේ අය රටේ ජනතාව ඉස්සරහා විරයෝ වෙන්න දගලනවා.

මෙම මෙහෙයුම ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ , එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිෂන් සභාව මේක වැරදි වැඩක් කියලා ප්‍රකාශයට පත් කරලා තියෙනවා.

සිවිල් ඇදුමින් පොලිස් නිලධාරින්ට අවි ආයුධ භාවිතා කරන්න බැ , නාරම්මල සිද්ධියේදි එම ලොරි රථයේ රියදුරා බුද්ධිමත් ලෙස ජනතාව සිටින ස්ථානයකට ලොරි රථය ධාවනය කලේ නැත්තම් නාදුනන වෙඩික්කරුවෙකු වෙඩි තිබ්බා කියලා තමයි ඉතිහාසගත වෙන්නේ , පොලිසිය භාවිතා කරමින් අනිතික ආකාරයට රට පාලනය කිරිමට තමයි කටයුතු කරමින් ඉන්නේ.

එක පැත්තකින් මර්ධනය , අනිත් පැත්තෙන් මර්ධන අණ පණත් , එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රතිත්‍රස්තවාදි පණත වැරදි කිව්වම ඒකම ගෙන්න යනවා මොකද ජනතාව ඉල්ලුවද?

තමන්ගේ බලය රැකි ගැනිම වෙනුවෙන් තමයි මේක සිදු කරන්නේ.

පොලිසිය කියනවා මේ මියයාම සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් සිදු කරනවා කියලා , ලසන්ත වික්‍රමතුංග මැරවා කෝ පරික්ෂණ ? මාධ්‍ය ආයතන වලට ගැහුවා කෝ පරික්ෂණ ?

මේ රජයට මැතිවරණයෙන් බලයට එන්න බැ , සොච්චම් රු පන්දහසක් රාජ්‍ය සේවකයින්ට දිලා තියෙනවා , එක සැරයක් කඩේට ගිහින් බඩු ගත්තම ඒ පන්දහස ඉවරයි.

(23) වෙනිදා පාර්ලිමේන්තුවට ගෙන එන පණතට සියළු දෙනා විරුද්ධ වෙන්න කියලා අපි ඉල්ලනවා, ප්‍රජාතන්ත්‍රවාදි විරෝධි පණත් මේවා යනුවෙන් පැවසිය.