Spread the love

කන්කසන්තුරය සිට කොළඹ කොටුව බලා ධාවන වන යාල්දේවී සීඝ්‍රගාමී දුම්රිය අද දහවල් 1.30 පමණ වවුනියාව මැදවච්චිය දුම්රිය ස්ථාන අතරදී පීලී පැනීමකට ලක්ව ඇත.

එම දුම්රියේ එන්ජිම හා මැදිරි දෙකක් මෙලෙස පීලී පැනීමකට ලක්වී තිබේ. මෙසේ පීලි පැනීමත් සමගින් දුම්රිය මාර්ගයේ සිල්බර කොට විශාල ප්‍රමානයකට දැඩි ලෙස හානි සිදුවී ඇත.

දුම්රිය එන්ජිම හා මැදිරි දෙක පිලී පැනීමත් සමගින් දුම්රිය මාර්ගයේ පිටතට පැන අදීගොස් තනර වුවත් පෙරලීමකට ලක් නොවි ඇත්තේ දුම්රිය මගීන්ගේ වාසනාවකටය.
මේ හේතුව නිසා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිවී ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.