Spread the love

අධික වර්ෂාව සමග ඇති වූ සුලිකුණාටුවක් හේතුවෙන් යාපනයේ ප්‍රදේශ කිහිපයකදී පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර නිවාස හානි සමගින් පුද්ගලයින් 222 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇතැයි ආපදා කලමනාකරන ඒකකය පැවසීය.

යාපනය ගුරුනගර් හා කොලොම්බුතූර් ප්‍රදේශයන් වෙතට මෙලෙස ඇති වූ සුලි කුණාටු තත්වයන් හේතුවෙන් නිවාස 49 කට හානි සිදුව නිවෙස්වල සිටි පුද්ගලයින් තිදෙනෙකු මෙලෙස තුවාල ලබ ඇත.

තුවාල ලැබූ පුද්ගලයින්ගේ තත්වය බරපතල නෙවන අතරම නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්වයන් ඇතිවීමටද ඉඩ ඇති අතරම ජනතාව ආරක්ෂිත පියවර අනුගමනය කල යුතු බවටද ආපාදාකලමනාකරන නිලධාරීන් දැනුම් දී සිටිති.

මේ අතර යාපනයට බලපා ඇති සුලි කුණාටු සහ වර්ෂාව හේතුවෙන් බොහෝ ධීවරයින් ධීවර කටයුතුවලින් ඉවත්ව ධීවර යාත්‍රා ආරක්ෂිත ගාල් කිරීමට පියවර ගෙන ඇත.

මේ අතර පීඩාවන්ට පත් වූ ජනතාව වෙනුවෙන් පහසුකම් සැපයීමට ප්‍රදේශ බාර ග්‍රාමසේවක නිලධාරීන් මාර්ගයෙන් කටයුතු කිරීමටද පියවර ගෙන ඇත.