තමන් යාපනය දක්වාම හමුදා නිලධාරීන් මඟ දිගට මුණගැසුනු බවත් ඔවුන් සඳහන් කලේ මුළු කෑම්ප් ජාතික ජන බලවේගය සමග බව යයි එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
හමුදා නිලධාරීන්ට ෆේස්බුක් සමාජ ජාලය තහනම් කර ඇති නමුත් වෙනත් ගෘෘප් හදාගෙන මාලිමාවට සහාය දෙන බව හමුදාවේ ඉහළ නිලධාරියෙකු තමන්ට පැවසූ බවද දිසානායක මහතා පැවසීය.
ජාතික ජන බලවේගයේ ජනහමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.