Spread the love


නිමල් රාජපක්ෂ-

යාපනය දිස්ත්‍රිකයේ ජනතාවට අයත් ඉඩම් හමුදා අවශ්‍යතාවයන් සදහා පවරා ගැනිමට මැනුම් කටයුතු කිරිම තාවකාලිකව නවත්වන ලෙස මිනින්දෝරු දෙපාර්තුමෙන්තුවේ නිලධාරින්ට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා උපදෙස් දෙයි.
ආරක්ෂක හමුදාවේ අවශ්‍යතාවයන් සදහා යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඉඩම් පවරා ගැනිම සදහා මිනින්දෝරු දෙපාර්තුමෙන්තුවේ නිලධාරින් විසින් මැනුම් කටයුතු කරගන යන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට පැමිණිලි ලැබිමේන් පසු ඊයේ (.30) වැනි දින යාපනය දිස්ත්‍රික් සංවර්ධන සභා රැස්විමේදි එම කටයුතු තාවකාලිකව නවත්වන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතා විසින් මිනින්දෝරු කටයුතු දෙපාර්තුමෙන්තුවේ නිලධාරින්ට උපදෙස්
දෙන ලදි.

මෙහිදි යාපනය දිස්ත්‍රික්කයේ ජනාතාවට අයත් ඉඩම් හමුදාව විසින් අත්පත් කර ගැනිම අත්හිටවිය යුතු බවට යෝජනාවක්ද ජනාධිපතිතුමාගේ අවධානයට ලක්කල යුතු බව සංවර්ධන කමිටු රැස්වීමේදි සම්මත කරගන්නා ලදි.
මෙහිදි අමාත්‍යවරයා මේ පිලිබද ජනාධිපතිතුමාගේ අදහස් ලැබෙන තුරු මෙම ඉඩම්වල තාවකාලිකව මැනුම් කටයුතු සිදුකිරීම නවත්වන ලෙස මිනින්දෝරු දෙපාර්තුමෙන්තුවේ නිලධාරින්ට උපදෙස් දෙන ලදි.
මෙම රැස්විම සදහා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති උතුරු පළාත් අණඩුකාර පී.එච්.එම් චාල්ස් මහත්මිය ඇතුළු නිලධාරින් රැසක් සහභාගි විය.