Spread the love

නිමල් රාජපක්ෂ-
ඒකල ඹතේකැ් ප්‍රදේශයේ කල සෝදිසි මෙහෙයුමකදි ප්‍රවාහනයට සුදානම් කර තිබු රුපියල් හත් ලක්ෂ පනස්දහසක් වටිනා නීති විරෝධී ම්ත්පැන් බෝතල් තෙගයක්ක සමගින් සැකකරුවකු ජාඇල සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මත්පැන් තොගය නීති විාරා්ධි මත්පැන් බෝතල 750 ක් තිබු බව ජාඇල සුරාබදු ස්ථානාධිපති .ප්‍රධාන සුරාබදු පරීක්ෂක කලා රසික වීරසිංහ මහතා පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් එක් ලක්ෂ විසිපන් දහසක දඩ මුදලක් ගෙවන ලෙස නියම කළහ.

බස්නාහිර පළාත් 3 සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා හා ජාඇල සුරාබදු අධිකාරි ප්‍රිමේෂ් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත ,ජාඇල සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක කලා රසික විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන්, සුරාබදු පරීක්ෂක සුදර්ශන් , සුරාබදු සැරයන්වරුන් වන 842 නජිත්සිං , 846 කුමාරසිරි , සුරාබදු කෝප්‍රල්වරුන් වන 825 මංජුල , 928 හේමන්ත , 995 සාලිත , සුරාබදු රියදුරු ධනුෂ්ක සුරාබදු පරීක්ෂක උදයංගන ඇතුළු මීගමුව සුරාබදු නිලධාරීන්ගේද සහාය ඇතිව මෙමවැටලීම සිදු කළහ.