Spread the love


නිමල් රාජපක්ෂ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මහජනතාව වෙත සපයන සේවාවන් තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා ව්‍යාපෘතින් රැසක් නව රජය යටතේ මේ වන විටත් ක්‍රියාත්මක කර කර ඇති බැවින් සේවා ලාභීන්ගේ ලිඛිත පැමිණිලි පමණක් කඩිනමින් ලබා ගැනීම උදෙසා 071 40 33300 යන whatsapp අංකයක් හදුන්වා දෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වෙත හෝ මෙම දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ඇති අභියාචනා හෝ පැමිණිලි ලිඛිතව. 071 40 33300 whatsapp අංකයට යොමු කිරීම තුළින් සේවාලාභීන්ට කඩිනමින් අවශ්‍ය පියවර ගැනීමට විධිවිධාන රැසක් මේ වන විටත් සලසා ඇති බව ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.

. නව TELL DMT facebook පිටුව හරහා ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වීමට සේවාලාභීන්ට තවත් අවස්ථාවක් සලසා ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.