Spread the love

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කරගැනීමට මොරොක්කෝව සහ පෘතුගාලය සමත්වී තිබේ.

මොරොක්කෝව අර්ධ අවසන් පූර්ව වටයක තම ස්ථානය තහවුරු කරගත් පළමු අවස්ථාව මෙය වෙයි.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16දෙනාගේ වටයේ තරගයක් ඊයේ (06) පැවැත්වුණේ මොරොක්කෝව සහ ප්‍රබල ස්පාඤ්ඤය අතරය.

තරගයේ නියමිත කාලය අවසන් වනවිට කණ්ඩායම් දෙකම ගෝල රැස්කිරීමට සමත්වුණේ නැත.

අනතුරුව තරගයේ ජයග්‍රාහකයන් තෝරාගැනීම සඳහා අමතර කාලයක් ලබාදුනි.

නමුත් එම කාලයේදී ද ගෝල රැස්කිරීමට කණ්ඩායම් දෙකටම නොහැකි විය.

ඒ අනුව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම තීරණය කිරීමට සිදුවුයේ ද්වම් පහර අවස්ථාව මගිනි.

එහිදී මොරොක්කෝව දඬුවම් පහර අවස්ථා 3ක් සාර්ථක කරගත් අතර ප්‍රබල ස්පාඤ්ඤයට එක් දඬුවම් පහරක් හෝ සාර්ථක කරගැනීමට හැකි වූයේ නැත.

ඒ අනුව මොරොක්කෝව අර්ධ අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කරගත්තේය.