Spread the love

හිටපු ජනාධිපති ගෝඨාභයගේ මෝඩකම ඔහු විසින්ම කෘතියක් ලෙස එළිදක්වා ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

රටේ ජනතාව කරමින් දේශපාලන සිදුකළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් රටේ ජනතාවගෙන් නිවැරදි ලෙස මට්ටු වී නොමැති බවත් නුදුරේදීම සිදුවනු ඇති බවත් පවසන දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින පිරිසද තම පුද්ගලික වාසි වෙනුවෙන් දේශපාලන ආත්මයන් පාවා දී ඇති බවද සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිවසේ ලිමොසින් රථ තුනක් නතර කර ඇති බවද දයාසිරි ජයසේකර මහතා මෙම වැඩසටහනේදී හෙළිකර ඇත.

පවතින දුෂිත දේශපාලනයට එරෙහිව තමන් විසින් නව දේශපාලන සන්ධානයක් නිර්මාණය කිරීමට පියවර ගනු ලැබූ බවද ඔහු සඳහන් කරයි.

මානුෂීය ජනතා සන්ධානය නමින් නව දේශපාලන සන්ධානයක් පසුගියදා දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වය යටතේ ගොඩනංවා ඇති අතර ඒ සඳහා දේශපාලන පක්ෂ 18 ක් පමණ එක්ව ඇති බවද දයාසිරි ජයසේකර මහතා සඳහන් කර ඇත.