Spread the love

වාහන ආනයනය සඳහා ඉඩ ලබාදෙන බවට රජය නිතර පවසන දේ සම්බන්ධයෙන් සැකයක් මතුවෙන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ කෙසේවෙතත් වාහන ආනයනයට ඉඩ ලබාදුන් පසු මිල ගණන් ඉහළ යෑමේ ප්‍රවණතාවයක් ද ඇති බවය.අවුරුදු 4 පුරා අපි බලන් ඉන්නවා වාහන ආනයනය සම්බන්ධව. ළඟදීම ගේන්න දෙනවා කියලා කියනවා. නමුත් දිනයක් කාලයක් කියන්නේ නෑ. ක්‍රමානුකූලව ලිහිල් කරන්න පුළුවන් කියලා මහ බැංකු අධිපති කිව්වා.ලංකාවේ වාහන එකලස් කිරීම කරනවා. නමුත් තවමත් අපනයනයක් කරලා නැහැ. අපි වාහන ආනයනය කළාම 200% ක් පමණ රජය බදු ගහනවා.

අපි රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා සමග සාකච්ඡා කළා. ඔහු කිව්වේ මුලින් බස්, ලොරි වගේ වාහනවලට ඉඩ දීලා ඒක ආර්ථිකයට බාලපාන අයුරු බලලා පස්සේ ත්‍රීවිල්, යතුරුපැදි සඳහා ලිහිල් කරන්නේ කියලා. ඊට පස්සේ තමයි කාර්, වෑන්වලට අවස්ථාව ලැබෙන්නේ