තම රජයක් තුළ මෙරට දේශපාලන දඩයම නතර කිරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ගංවතුර ආධාර බෙදීම සම්බන්ධයෙන් පොලීසිය මහ රෑට පැමිණ මහා මංකොල්ලකාරයෙක් රැගෙන යන ආකාරයෙන් කටයුතු කරන බවයි අද (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
දේශපාලන දඩයම යනු මෙය බවත් නමුත් එය වත්මන් ආණ්ඩුව හදුන්වන්නේ System Change ලෙස බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.