Spread the love


නිමල් රාජපක්ෂ-

පැහැදිළිවම රාජ්‍ය ආදායම ඉහළ නංවා ගතයුතුයි. අදායම් ඉලක්ක වලට යා යුතුයි.මේ රටේ ජනතාවට අලුතින් බදු පනවන්න බැහැ.ඒක මේ දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි.ඒක රාජ්‍ය නායකයා විදිහට ජනාධිපතිතුමත් පැහැදිළිවම ප්‍රකාශ කරලා තියෙනවා.එහෙනම් අපිට තියෙන්නේ මේ තියෙන ක්‍රමවේදය තුළ පදනම පුළුල් කර ගැනීම සහ ආදායම් බදු නොගෙවන්නන්ගෙන් තවදුරටත් අය කර ගැනීම යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා. පැවසුවේය.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ රාජ්‍ය ආදායම ඉහළ නැංවිමේ අරමුණින් මුදල් රාජ්‍ය අමාත්‍යතුමාගේ සංකල්පයක් මත ආදායම් උපයනු ලබන දෙපාර්තමේන්තු වල ආදායම් ඉලක්ක සපුරා ගැනීම කඩිනම් කිරීම සඳහා මුදල් අමාත්‍යංශයේ දී එම ආයතන ප්‍රධානීන් සමඟ පැවති අදහස් හා යෝජනා පිළීබඳ පැවති සාකච්ඡාවේ දීය.

මෙම අවස්ථාවට රාජ්‍ය ආදායම් අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජේ.ගුණසිරි ,වැඩ බලන මුදල් අමාත්‍යංශ ලේකම් ආර්.එම්.පී රත්නායක,රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.බී,එස්.සී.නෝනිස්, සුරාබදු කොමසාරිස් ජෙනරාල් සමන් ජයසිංහ, අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් කපිල කුමාරසිංහ දේශීය අදායාම් දොපර්තමේන්තුවේ වැඩ බලන කොමසාරිස්.යූ.ඒ ජයවර්ධන යන මහත්වරු ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.