Spread the love


නිමල් රාජපක්ෂ-

මෙරටට ගැලපෙන අයුරින් එළුවන් හා ගවයින් විශේෂ දෙකක් නිෂ්පාදනය කිරීමට කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා තිීරණය කරයි.
කිරි හා මස් නිෂ්පාදනය සදහා සතුන් අපනයනය කළද මෙරට දේශගුණික තත්ත්වය ඹරොත්තු නොදීම හේතුවෙන් රෝගාබාධවලට ගොදුරු වීමෙන් එම සතුන් මරණය ට පත්විම හේතුවේන් මෙරටට ගැලපෙන අයුරින් එම සතුන් නිෂ්පාදනය කරන්නැයි කෘෂිකර්ම ඇමතිවරයා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දෙයි.

සාමාන්‍යයෙන් මෙවැනි පර්යේෂණයක් සඳහා වසර 5-7ක් දක්වා කාලයක් ගත වන බව පෙන්වා දුන් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරින් දැනට නැගෙනහිර පළාතේ සුදු ගවයින් යොදා ගනිමින් නව ගව විශේෂයක් හඳුනාගැනීම සඳහා පර්යේෂණ ආරම්භ කර ඇති බව සඳහන් කළේය.

කොට්ටුකච්චිය ගොවිපළේ නිපදවන ලද කොට්ටුකච්චිය නමින් යුත් එළු විශේෂය සම්බන්ධව තවදුරටත් පර්යේෂණ පැවැත්වෙන බව ද සඳහන් කළේය.
අප රටට අවශ්‍ය දෛනික ගව මස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 37,000කි. මෙම මස් ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් ආනයනය කරනු ලබයි. එමෙන්ම කිරි අවශ්‍යතාවයෙන් දැනට දේශීය වශයෙන් නිපදවනු ලබන්නේ සියයට 40ක් පමණි. කිරි අවශ්‍යතාවයෙන් සියයට 60ක් සපුරා ගනු ලබන්නේ ආනයනය කිරීම මගිනි.
මේ නිසා වැඩි කිරි ප්‍රමාණයක් නිපදවා ගත හැකි තාක්ෂණය ගොවින්ට නොලැබීමත්, වැඩිපුර කිරි නිපදවිය හැකි ගව විශේෂයක් මෙරට තුළ නොතිබීමත් ප්‍රධාන ගැටළුවක් වේ.