Spread the love

නිමල් රාජපක්ෂ-

අභියාචනා අධිකරණය ඉදිරියේ විභාග වන නඩුවක් හේතුවෙන් මෘදු මත්පැන් බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය තාවකාලිකව අත්හිටුවා ඇතැයි අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් ආචාර්ය කපිල කුමාරසිංහ මහතා පවසයි.
එහිදී අභියෝගයට ලක්කොට තිබෙන්නේ සුරාබදු නිවේදන 5-2022 යටතේ නිකුත් කරනු ලබන මෙම මෘතු මත්පැන් අවසරය එය එසේ නිකුත් කරනු ලබන ආකාරයයි.ඒ අනුව මෙම මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීිම තාවකාලිකව නවාත තිබෙනු ඇත.
අභියාචනා අධිකරණයේ ලැබෙන තීන්දුවට අනුව ඉදිරියේදී එම බලපත්‍ර ලබාදිමේ ක්‍රමය සංශෝධනය කොට ක්‍රියාත්මක කරන බවද පැවසුවේය.මෙම මෘදු මත්පැන් බලපත්‍ර ලබා දීමේ ක්‍රමය යටතේ දිවයින පුරා හෝටල ආපනශාලා වලට පමණක් නොව හෝටල , කදවුරු ,ආගන්තුකයින් ට වෙනත් පහසුකම් සපයන ආයතන වලට පවා මෙම මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීමට පියවර ගනු ලැබුවා. ඒ සියළුම ආයතන සදහා මේ වනවිට මෘදු මත්පැන් බලපත්‍ර අවසරය නතර කොට යි තිබෙන්නේ . අධිකරණ නියෝගය ලද වහාම ඉදිරියේදී බලපත්‍ර ලබාදිමේ කටයුතු ආරම්භ කිරීමට හෝ සුදුසු පරිදි සංශෝධනය කිරීමට හෝ නව ක්‍රමයක් යටතේ ලබාදීමට බලාපොරොත්තු වන බවද ආචාර්ය කපිල කුමාරසිංංහ මහතා පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු ආචාර්ය කපිල කුමාරසිංහ මහතා ,

වීඩියෝව නරඹන්න subscribe කරන්න