Spread the love

මෙරට මීළඟ ජනාධිපතිවරයා වන්නේ අනුර දිසානායක මහතා බව රටම පිළිගෙන අවසන් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

එමෙන්ම මීළඟ ආණ්ඩුවද ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බව සමාජයේම අද පිළිගෙන අවසන් බවද ඇය කියා සිටී.

ඉන් එහාට නිදහස් සමාජයක් ගැහැණුන්ට නිදහසේ ඉන්න පුළුවන් රටක් බිහි කිරීමේ වගකීම සියලු දෙනාටම ඇතැයිද ඇය පැවසුවාය.

ඇය මෙම අදහස් පළ කළේ ජාතික ජන බලවේගයේ කාන්තා සමුළුවක් මාතලේදී අමතමිනි.