Spread the love

තම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා ඉන්දීය සංචාරයක නිරත වන්නේ නිකං ගිහින් එන්න නොව එරටින් ලැබුණු රාජ තාන්ත‍්‍රික ආරාධනාවක් මත බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරැණාරත්න මහතා සඳහන් කරයි.

ප්‍රබලම රහස් ඔත්තු සේවයක් වන ඉන්දීය රෝ ඔත්තු සේවය ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා අනුර දිසානායක බව වාර්තා කර ඇති බවත් පැවසු ඔහු මීළඟ ආණ්ඩුව මාලිමාවේ ආණ්ඩුවක් බවත් වාර්තා කර ඇතැයිද කියා සිටියේය.

ඒ තොරතුරු අනුව මෙම ආරාධනාව සිදුකර ඇතැයි ද හෙතෙම කියා සිටියේ ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.