Spread the love

නිමල් රාජපක්ෂ –

නීති විරෝධී මත්ජාවාරම් කරුවන් , මත්පැන් නිෂ්පාදනාගාර වටලා අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණ වෙත ඉදිරිපත් කොට , බලපත්‍ර ලත් හෝටල් ආපනශාලා හා රටබීම හල් වටලා කාර්මික අපාරධ වාර්තා ඉදිරිපත් කොට සමථ ගාස්තු අයකර ,රා නිෂ්පාදනාලාරයෙන් හා බීඩි කර්මාන්ත කරුවන්ගෙන් බදු ආදයම් ලබා ගෙන රුපියල් අටකෝටි තිස්එක් ලක්ෂ අනුනමදාස් තුන්සිය තිස්හතක ආදායමක් රජයට ලබාදීමට සමත්වු බව මීරිගම සුරාබදු ස්ථානාධිපති වයි.ඒ.එස්.පී.පායා මහතා පවසයි.්‍

මේ වසරේ ජනවාරි පළවැනිදා සිටි ඹක්තෝබර් මස 31 වැනිදා දක්වා කාලය තුළ මීරිගම සුරාබදු බලප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුම් වලදි නිති විරෝධී මත් ජාවාරමේ නිරත සැකකරුවන් 587 ක් අත්අඩංගුවට ගැනීමට මීරිගම සුරාබදු නිලධාරින් මත්වී ඇත.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවන් 119 දෙනෙකු සිිටින බවද මීරිගම සුරාබදු ස්ථානාධිපතිවරයා පැවසුවේය.
මෙම වැටලීම් වලදි සැකකරුවන් මිනුවන්ගොඩ හා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණවෙත ඉදිරිපත් කොට රුපියල් 31 85 000 දඩ මුදලක්ද,හෝටල් ආපනශාලා හා රටබීම හල්වල සිදු කල වැරදි සදහා කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කොට බලපත්‍ර ලාභීන්ගෙන් සමථ ගාස්තු වශයෙන් රුපියල් හයලක්ෂ හතළිස් හත්දාස් පන්සියයක සමථ ගාස්තුවක් ද , රා නිෂ්පාදනාගාරයෙන් මේ වනවිට රුපියල් දෙකෝටි අසුදෙලක්ෂ දහදාස් එකසිය විසිපහක බදු ආදායමක්ද , බීඩි කර්මාන්ත කරුවන්ගෙන් පන්කෝටි එකොලොස් ලක්ෂ පනස් හයදාස් හත්සිය දොලහක මුදලක් බදු මුදලක්ද අයකර ගැනීමට හැකිවු බවද යාපා මහතා වැඩි දුරටත් පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු මීරිගම සුරාබදු ස්ථානාධිපතිවරයා,

වීඩියෝව නරඹන්න

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න