Spread the love


නිමල් රාජපක්ෂ-

මඩකලපුව දුම්රිය සථානයෙන් අද රාත්‍රී 08.15 ට කොළඹ කොටුව බලා ධාවනය වන මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ ආපනශාලා මැදිරිය අධිකරණ නියෝගයක් මත තාවකාලිකව පෙබරවාරි මස 08 වන දින දක්වා මුද්‍රා තැබීමට කටයුතු කොට ඇත.

මේ වසරේ ජනවාරී මස 22 වන දින දින මඩකලපුව මහජන පරික්ෂකතුමා ඇතුළු කණඩායමක් එම දුම්රියේ ආපනශාලාව හදිසි පරීක්ෂාවකට ලක් කොට ඇත. එහිදී එම ආපනශාලාව අපිරිසිදු ලෙස පවත්වාගෙන යන බවට එම කණ්ඩායම වෙත නිරීක්ෂණය වී ඇත. මීට පෙර ද මේ පිලිබඳව එම ආපනශාලාව වෙත පිරිසිදුකම නිසි ලෙස පවත්වාගෙන යන ලෙස උපදෙස් ලබා දී තිබුණ ද එය එසේ පවත්වාගෙන යාමට ඔවුන් කටයුතු නොකිරීම මත මේ පිලිබඳව ගරු අධිකරණ වෙත පැමිණිලි කොට ඇත.

ඒ අනුව පැමිණිල්ල අද දින මඩකලපුව මහෙස්ත්‍රාත්තුමා හමුවේ පැමිණිල්ල විභාගය කල අතර , එහිදි මහෙස්ත්‍රාත්තුමා නියෝග කොට ඇත්තේ මෙම මැදිරියේ ඇති ආපනශාලා පෙබරවාරි මස 08 වන දක්වා මුද්‍රා තබන ලෙසය.

ඒ අනුව අද දින මඩකලපුව දුම්රිය ස්ථානයේ දී මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ ආපනශාලාව මුද්‍රා තැබීමට කටයුතු කල අතර එම දුම්රිය මඩකලපුව දුම්රිය ස්ථානයෙන් අද රාත්‍රී නියමිත වේලාව වන 08.15 පිටත් වු බව දුම්රිය දෙපාර්මේන්තුව පවසයි.