Spread the love

මීමුරේ ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය හේනේගෙදර පඤ්ඤාරතන හිමිපාණන්වහන්සේගේ මග පෙන්වීම යටතේ මී මුරේ ගම්මානයේ සහ තෙල්දෙණිය කලාපයේ දුෂ්කර පාසල්වල දුවා දරුවන්ගේ නැණ පහන් දැල්වීම උදෙසා ස්වේච්ඡාවෙන් ඉගෙනුම් කාර්යයේ නියැලුණූ ගුරු මහත්ම මහත්මීන් 11 දෙනෙකුගේ සේවය අගය කරමින් ඔවුන් සදහා ඇගයීම් සහතික පත්‍ර ලබාදීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (28) සිදුවිය.

මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ තෙල්දෙණිය කලාපයෙන් ඇරඹි මෙම වැඩසටහන ඉතා ආදර්ශමත් වැඩසටහනක් බවත්, තම කාලය ශ්‍රමය වැයකරමින් දූ දරුවන්ගේ අධ්‍යාපනය පෝෂණය කිරීම ‍සදහා වෙහෙසෙන මෙම ගුරු මහත්ම මහත්මීන්ගේ සේවය ඉතා ප්‍රශංසනීය බවත් ය. මෙම අවස්ථාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් යන මහත්ම මහත්මීන් ද සහභාගී විය.