Spread the love

සීමාසහිත මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා වශයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතා පත්කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර තීරණය කරයි.

ඒ අනුව කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තනතුරට අමතරව මිලේකෝ ආයතනයේ සභාපති ධුරයේ ද රාජකාරි කටයුතු අද අරඹුවේය.

මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කල රේනුක දුෂ්‍යන්ත පෙරේරා ඉවත්වීමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා මෙම පත් කිරීම සිදුකර තිබෙනවා.