Spread the love

මැතිවරණ පැවැත්වීම සඳහා පසුගිය අයවැයෙන් වෙන්කළ රුපියල් බිලියන 10 ක මුදල අවශ්‍ය ඕනෑම අවස්ථාවක ලබාදීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඊයේ සවස පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ පැවැත්වෙන්නේ කුමන මැතිවරණ්‍යද යන්න මැතිවරණ බලධාරීන් තීරණය කළ යුතු බවයි. කෙසේ වෙතත් රට පාලනය කිරීම සඳහා සුදුසු රාජ්‍ය නායකයා තෝරාගැනීම සඳහා ජනාධිපතිවරණයක් කලින් පැවැත්වීම සුදුසු බව තම පෞද්ගලික මතය බවද ඔහු සඳහන් කළේය.