Spread the love


නිමල් රාජපක්ෂ –

කහවත්ත ,බලංගොඩ ,උඩවෙලේබඩ,පහළවලේබඩ,කිරිමැටිතැන්න ,යන ප්‍රදේශවල කළ සෝදිසි මෙහෙයුම් වලදි නිිති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් 100 දෙනෙකු වටලා රුපියල් අටලක්ෂ පනස්දහසක් වටිනා මත්පැන් තොගයක් බලංගොඩ සුරාබදු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.


මෙම වැටලීම් පසුගිය ජනවාරි පළමු වැනිදා සිටි මාර්තු 31 වැනිදා දක්වා අතර කාලය තුළ සිදුකල අතර සැකකරුවන් ඉතා සුක්ෂම අයුරින් නිවාස තුළ හා පාලු කැලෑවල රහසිගතව මත් ජාවාරම සිදුකරද්දිී කොටු කර ගැනීමට සුරාබදු නිලාධාරින් සමත්වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බලංගොඩ හා පැල්මඩුල්ල යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් නමලක්ෂයක දඩ මුදල් අයකර ගත් බව බලංගොඩ සුරාබදු ස්ථානාධිපති ඩබ්ලිව් .ජේ .අජිත් පුෂ්පකුමාර මහතා පවසයි.

වීඩියෝව නරඹන්න subscribe කරන්න

සබරගමුව පලාත් භාර සහකාර සුරාබදු කොමසාරිස් සමන්ත ද කොස්තා මහතාගේ උපදෙස් මත, රත්නපුර සුරාබදු අධිකාරී ඒ.ජි.එස්.කේ.සෙනෙවිරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ,බලංගොඩ සුරාබදු ස්ථානාධිපති ඩබ්.ජේ.අජිත් පුශ්පකුමාරමහතාගේ මෙහෙයවීමෙන්, සුරාබදු පරීක්ෂක පසිදු වික්‍රමආරච්චි ,දු සැරයන් සමන්ත වික්‍රමසිංහ ,සුරාබදු නියාමකවරුන් වන 1033 ධම්මික,1195 කල්හාර,1205 සදුන්,රාබදු රියදුරු පුබුදු යන නිළධාරීහු මෙම වැටලීම් සිදු කළහ.