Spread the love

දිවයින පුරා පිහිටා ඇති සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල අතරින් 61 ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

පවතින උණුසුම් සහ කඩින් කඩ වැසි සහිත කාළගුණ තත්ත්වය ඩෙංගු මදුරු ව්‍යාප්තියට හේතු වී ඇතැයිද ඩෙංගු මර්දන ඒකකය අද අනාවරණ කළේය.

2023 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 38,639 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මැයි පළමු වැනිදා සිට අද දක්වා ගෙවුණු දින 30 තුළදී පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 8,931 කි.

දැනට වාර්තාවී ඇති මුළු රෝගීන්ගෙන් 50%ක් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙනි.

එම සංඛ්‍යාව 19,174 කි.