Spread the love


නාගෝඩ -සුමන

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය දින කිහිපයේ ගාල්ල දිස්ත්‍රික්කයට සහ ගිංගඟේ ඉහළ පෝෂක ප්‍රදේශ වලට ඇදහැලුණු මහ වැසි හේතුවෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අද (02) පෙරවරුවේ යන දරුවන් බොහොමයකට දැඩි දුෂ්කරතාවයන්ට පත්විම සිදුවිය..

වර්ෂාවත් සමගින් ගිංගඟේ ජලමට්ටම ඉහළ යමින් ඇතිබව ගාල්ල ගිංගඟ භාර වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි.
ඒ අනුව මේවනවිට නෙළුව සහ තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබේ.
ඒ හේතුවෙන් ගමනා ගමනයට දැඩි බාධා මතුව තිබෙන අතර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බැවින්අද (02) පෙරවරුවේ විභාගය සදහා යාමට බොහෝ දරුවන්ට බාධා මතුවිය.ඇතැම් දරුවන් බෝට්ටු මගින් විභාග ශාලා වෙත යනු දක්නට ලැබිණි.
බොහෝ දරුවන් අතුරු මාර්ග මගින් විභාග මධ්‍යස්ථාන කර ගමන් කිරීම සිදුවිය.
මේ අතර ගිංගඟේ ඉහළ ප්‍රදේශ වල එවැනි තත්වයක් පවතින බැවින් සවස් වනවිට නාගොඩ ,නියාගම ,වැලිවිටිය දිවිතුර සහ බද්දේගම වැනි ගිංගඟේ පහළ ප්‍රදේශ වල සුළු හෝ ජල ගැලීම් තත්වයක් නිර්මාණය වීමේ අවධානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් ඒකකය පවසයි.
තවදුරටත් ගාල්ල දිස්ත්‍රික්කයට වැසි බර කාලගුණ තත්ත්වයක් පවතීයි.