Spread the love

කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසම් ආශ්‍රිතව උත්තරානන්ද මාවත, පෙරහැර මාවත සහ නවම් මාවත හෙට(05) සිට මාර්තු 11 නඩත්තු කටයුත්තක් හේතවෙන් වසා තැබිමට පියවර ගැණේ.

මෙහිදී හෙට (05) සිට එළඹෙන 19 වනදා දක්වා උත්තරානන්ද මාවතේ නවම් මාවත සිට දුම්රිය හරස් මාර්ගය දක්වා කොටස . නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් එම මාර්ග ආශ්‍රිතව භූගත නළ එලීමේ කටයුතු සිදුකිරීම හේතුවෙන් වසා තැබීමට නියමිතය

එසේම පෙබරවාරි 20 වනදා සිට මාර්තු 04 වනදා දක්වා කාලය තුළ උත්තරානන්ද මාවතේ පෙරහැර මාවත සිට නවම් මාවත දක්වා කොටස වසා තැබීමට නියමිතය.

එහි තුන්වන අදියර යටතේ මාර්තු මස 05 වනදා සිට මාර්තු 11 වනදා දක්වා කාලය තුළ උත්තරානන්ද මාවත පෙරහැර මාවත ආශ්‍රිතව රෝටුන්ඩාගාඩ්න් මංසන්ධිය කොටස වසා තැබෙන බව පොලීසිය පවසයි.