Spread the love

අසත්‍ය ප‍්‍රවෘත්ති වාර්තා කරන මාධ්‍ය කිරීම පාලනය කිරීම සදහා ඉදිරියේදී නියාමනයකට ලක් කිරීමට බලාපොරොත්තු වෙන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසයි.

පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් ඇය මෙසේ පැවසුවාය.

“ජනමාධ්‍ය ප්‍රශස්ත මට්ටමට රැගෙන ඒමට ආණ්ඩුවට වගකීමක් තිබෙනවා. ජනමාධ්‍යවේදීන් වෘත්තිය කරගෙන යා යුතු සීමා ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා. මාධ්‍යවේදින් එහි දිග පළල සීමාවන් දැනගත යුතුයි. දණ්ඩ නීති සංග්‍රහයෙන් අසභ්‍ය ප්‍රකාශන කරන්න බැරි බව කියා තිබුණත් එහෙම වන්නේ නැහැ. ඇතැම් අවස්ථාවල වෛරය උසිගන්වන පුවත් මාධ්‍යවල ප්‍රචාරය කරනවා. මේවා යම් නියාමනයකට ලක්විය යුතු බවට ආණ්ඩුවේ අවධානය යොමු වී තියෙනවා”