Spread the love


නිමල් රාජපක්ෂ –

මා ඹය අසළ මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාර තුනක් ඇතුලු නිති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් 5 දෙනෙකු වටලා රුපියල් ලක්ෂ පහක් වටිනා මත්පැන් තොගයක් ගම්පහ සහ මීරිගම සුරාබදු නිළධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ ගෝඩා ලීටර් 180 ක් කසිප්පු ස්ප්‍රීතු ලීටර් 133 ක් ,දරග 3ක් බැරල් 4 ඇතුළු උපකරණ තොගයක් තිබු බව මීරිගම සුරාබදු ස්ථානාධිපති
ප්‍රධාන සුරාබදු පරීක්ෂක වයි.ඒ.ඒ.ඩී .යාපා මහතා පවසයි.

නීති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් මාඹය ආශ්‍රිතව මැල්ලවගෙදර වරාදර ප්‍රදේශයේ ඉතා රහිසිගතව මත්පැන් නිෂ්පාදනය කරගෙන ගොස් ඇතැයිද සුරාබදු නිලධාරින් පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරියේදි මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතාගේ උපදෙස් මත, ගම්පහ සුරාබදු අධිකාරී විරාජ් ජයසුරිය මහතාගේ අධික්ෂණය යටතේ , මීරිගම සුරාබදු ස්ථානාධිපති , ප්‍රධාන සුරාබදු පරීක්ෂක වයි.ඒ.ඒ.ඩී .යාපා මහතාගේ මෙහෙයවීමෙන් , සු රාබදු පරික්ෂක කුමාරරත්ත , සැරයන් ලසන්ත , කොප්‍රල්වරුන්වන ජගත් , කපිල, අසේල , උපුල්, රණතුංග , නියාමක දුලාන් ,රියදුරු උපාලි , ගම්පහ සුරාබදු පරික්ෂක සදරු , කෝප්‍රල් වරුන්වන අතපත්තු , චින්තක , රියදුරු රවීන්ද්‍ර යන නිලධාරීහු සමුහ ග්‍රහනයක් ලෙස මෙම වැටලිම සිදු කළහ.