Spread the love


හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අද (8) දිනය​ට යෙදී තිබෙනවා.

දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවියන් ලොවට විදහා දැක්වු දිනය ලෙසයි මහා ශිව රාත්‍රිය සැලකෙන්නේ.

‍හින්දු බැතිමතුන් මහා ශිව රාත්‍රී දිනය ලෙස සමරන්නේ, ශිව දෙවියන් ආලෝක කදම්බය නිකුත්කළ නැකත උදාවන දිනයේයි.

රාත්‍රි නිදි වර්ජිතව උපවාසයේ යෙදී ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් මෝහාන්ධකාරය දුරු වී ප්‍රඥාලෝක දැල්වේවා යන ප්‍රාර්ථනයෙන් හින්දු බැතිමතුන් පුණ්‍ය ක්‍රියාවල නිරත වෙන බවයි සඳහන් වෙන්නේ.