Spread the love

නිමල් රාජපක්ෂ

ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිශ්පාදනාගරයක් වටලා රුපියල් ලක්ෂ ගණනක් වටිනා මත්පැන් තොගයක් පෙරේදා (10)ඇඹිලිපිටිය සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් නිෂ්පාදනාගාරයේ තිබී කසිප්පු ස්ප්‍රීතු මිලි ලීටර් 16500.00 ක්, නීති විරෝධී ලෙස සාදන ලද මත්පැන් මිලි ලීටර් 620000.00 ක් හා ලීටර් 1000 ක ධාරිතාවයෙන් යුතු ටැංකියක් ඇතුලු උපකරණ තොගයක් තිබු බව රත්නපුර සුරබදු අධිකාරි ඒ.ජී.එස්.කේ.සෙනවිරත්න මහතා පවසයි.


අත්අඩංගුවට මත්ද්‍රව්‍ය ඇතුළු උපකරණ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිීරීමට නියමිතය.

සුරාබදු කොමසාරිස් ජනරාල් නිශාන්ත ජයවීර, මහතාගේ උපදෙස් ම සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක) චන්න වීරක්කොඩි,සහකාර සුරාබදු කොමසාරිස්(සබරගමුව) සමන්ත කොස්තායන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ රත්නපුර සුරබදු අධිකාරි ඒ.ජී.එස්.කේ.සෙනවිරත්න මහතාගේ මෙහෙයවීම මත, ඇඹිලිපිිටිය සුරාබදු ස්ථානයේ ස්ථානාධිපති හා බලන්ගොඩ සුරාබදු ස්ථානයේ ස්ථානාධිපති යන මහත්වරුන්ගේ උපදෙස් මත, සු.ප.එල්.ඩී.මධුසංඛ,සු.ප.පසිදු වික්‍රමආරච්චි. සැරයන් .686 සමන්ත වික්‍රමසිංහ,කෝප්ප්‍රල්වරුන්වන .1059 සහන් පෙරුමාබදු,.1178 ඩිලාන් තත්සර,.1193 තේනුක වීරසිංහ,.1033 දම්මික,.1195 ගයාන් කල්හාර,රියදුරව්යව .සමන්ත,.පුබුදු මනතුංග යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.