Spread the love

නිමල් රාජපක්ෂ-

කළුතර ලාගොස්වත්ත හා නෑබඩ ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදි නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාර දෙකක් හා කසිප්පු ස්ප්‍රීතු ලග තබා ගෙන සිටි සැකකරුවන් හතර දෙනෙකු වටලා රුපියල් ලක්ෂ තුනක් වටිනා මත්පැන් තොගයක් ඊයේ (23) කළුතර සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් ඉතා රහසිගතව කැලෑබද ප්‍රදේශයක මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබියදි කොටුකර ගත් බව කළුතර සුරාබදු ස්ථානාධිපති ප්‍රදීප් ජයවර්ධන මහතා පවසයි.


අත්අඩංගුවට ගත් මත්පැන් නිෂ්පාදනාගාරදෙකෙන් කසිප්පු මිලිලීටර් දහඅටසහසක් හා ගෝඩා මිලිලීටර් හාරලක්ෂ විසිදහසක් , දගර හා බැරල් තොගයක් සොයා ගත් බවද ප්‍රදිීප් ජයවර්ධන මහතා වැඩි දුරටත් පැවසුවේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සුරාබදු දෙපාර්තුමේන්තුව මගින් ක්‍රියාවට නංවාඇති දින 100 යේ වැඩසටහන යටතේ මේ වනවිට නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 14 ක් කොටුකර ගැනීමට කළුතර සුරාබදු නිලධාරීන් සමත්වි ඇත.

වීඩියෝව නරඹන්න

කළුතර සහකාර සුරාබදු කොමසාරිස් ජානක මලවි පතිරණ මහතාගේ උපදෙස් මත, සුරාබදු අධිකාරී සුගත් කොලොන්නේ මහතාගේ අධීක්ෂණය යටතේ , කළුතර සුරාබදු ස්ථානාධිපති ප්‍රදීප් ජයවර්ධන මහතා ගේ මෙහෙයවීමෙන් , පරීක්ෂක ධම්මික චතුරංග, සැරයන් 834 කෝසල සමන්ත , කෝප්‍රල්වරුන් වන 877 පී.ආර් කුමාර ,981උමේෂ්’ ජයසුරිය, නියාමක 11 96 රාජපක්ෂ, කාන්තා සුරාබදු නියාමිකා දිල්හාරා ,රියදුරු වරුනද සිල්වා වන නිලධාරිහු මෙම වැටලිම සිදු කළහ.