Spread the love

නිමල් රාජපක්ෂ-

කුණ්ඩසාලේ , උඩුදුම්බර, පාතදුම්බර ,මැදදුම්බර ,මිණිපේ , යටිනුවර ,ගඟවට කොරලේ ,හාරිස්පත්තුව, තුන්පනේ හා හතරළියද්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කල සෝදිසි මෙහෙයුම් වලදී නිති විරෝධි මත්පැන් ජාවාරම් කරුවන් , හෝටල් ආපනශාලා හා රටබීම හල් වල බලපත්‍ර ලාභීන්ගෙන් හා බීඩී කර්මාන්ත කරුවන්ගෙන් ලද දඩ හා බදු ආදායම් වලින් රුපියල් මිලියන 111 ආදායමක් රජයට ලබාදීමට හැකිවු බව මහනුවර සුරාබදු ස්ථානාධිපති උපුල් බණ්ඩාර මාරසිංහ මහතා පවසයි.


මෙම වැටලීම්පසුගිය වසරේ (2023)ජනවාරිමස 1 වැදි සිට දෙසැම්බර් මස 31 දින දක්වා සිදුකෙට තිබිණ,මෙහිදී නිති විරෝධී මත්පැන් ජාවාරම් කරුන් 658 ක් පසුගිය වසර තුළදි අත්අඩංගුවට ගෙන අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් 45 ලක්ෂයක දඩ මුදලක්අයකරගෙන තිබිණ.

හෝටල් ආපන ශාලා හා රටබීම හල් වල සිදුකළ වැරදි සදහා කාර්මික අපරාධ වාර්තා ඉදිරිපතේ කොට ඹවුන්ගේ පෙරවැරදි සලකා බලා සහකාර සුරාබදු කොමසාරිස් වරයා වෙත ඉදිරිපත් කොට සමථ ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 38 ක් අයකර ගැනිමට සමත්විය.
බිඩි කර්මාන්ත කරුවන් දැණුවත් කොට කර්මාන්තයේ නිරත 32 දෙදෙනකුගෙන් රුපියල් මිලියන 107 බදු ආදායමක්ද එකතු කර ගැනිමට සුරාබදු නිලධාරීන් කටයුතු කර තිබේ.

තව දුරටත් අදහස් දැක්වු උපුල් බණ්ඩාර මාරසිංහ මහතා,


සහකාර සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ මහතාගේ උපදෙස් මත , මහනුවර සුරාබදු අධිකාරී නාලක පතිරණ මහතාගේ අධික්ෂණයට යටතේ , මහනුවර සුරබදු ස්ථානාධිපති උපුල් බණ්ඩාර මාරසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ , පරීක්ෂකවරුන්වන විජේවර්ධන ,මුණසිංහ, ,අමරනායක, සැරයන් මේජර් ධර්මවර්ධන ,සැරයන් (848) වරකාගොඩ, කෝප්ප්‍රල් වරුන්වන(733) කුලසේකර ,(841)කමල්සිරි, (866) සමරකෝන්, (969)ඩස්කොන්, නියාමකවරුන්වන (1069)කුමාර,(1093)වීරසිංහ,රියදුරු (බණ්ඩාර, කාර්යාල කාර්ය සහායක සිතුමිණි යන නිලධාරීහු මෙම වැටලිම් සිදු කළහ.