Spread the love


නිමල් රාජපක්ෂ-

මධ්‍යම පළාතේ සංවර්ධනයේ ප්‍රබලම සවිය වෙළද ප්‍රජාව වන බවත්, සක්‍රිය වෙළද ප්‍රජාවක් නොමැති නගර නිද්‍රාශීලී නගර වන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
ආණ්ඩුකාර වරයා එසේ පැවසුවේ මහනුවර මුස්ලිම් වෙළඳ සංගමයට වසර 30ක් සම්පූර්ණවීම නිමිත්තෙන් වන සැමරුම් උත්සවයක් මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදී (25) පැවැති අවස්ථාවේදීය.
උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සහභාගී වු අතර, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වු මෙම සැමරුම් උත්සවයේදී මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් සහ සමාජ සේවකයන් ඇගයීම ද සිදු විය.

. එමෙන්ම වෙළදාම තුළ සාධාරණය හා ගුණාත්මකභාවය පිළිබද දැඩි අවධානය යොමු කල යුතු බවත් මෙහිදී අවධාරණය කළේය. මහනුවර මුස්ලිම් වෙළද සංගමය අනෙකුත් සංගම් හා මැනවින් එකමුතු වෙමින් ක්‍රියා කිරීම නගරයේ සහජීවනය පවත්වා ගැනීමට මහත් ශක්තියක් වී ඇති බවත් 30 වසරක මුස්ලිම් වෙළද සංගමයේ ගමන් මග පිළිබද පළාත් සභාවේ සුභාශිංසන පිරිනමන බවද පැවසුවේය.

එහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා, ලංකාවේ සියලු වැසියන්ගෙන් 6 දෙනෙකුට එක් රාජ්‍ය සේවකයෙක් සිටින බවත් මේ බර දරන්නේ රජය බවත් එනම් වක්‍රව ජනතාවගෙන් බවත් බදු ගැසීම ගැන කතාබහක් තිබුණත් එසේ නොමැතිව මෙම ගැටලුවෙන් ගිද යා නොහැකි බවත් බදු බරින් විශාලම බර දරන්නේ වෙළද ප්‍රජාව බවත් පැවසුවේය