Spread the love

රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදල් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සභාපතිවරයාට දුරකථනයෙන් මරණීය තර්ජනය කරමින් ඉල්ලූ බව කියන ‘මල්වත්තේ අමිල’ නමැත්තා ඇතුළු තිදෙනෙක් මත්ද්‍රව්‍ය සමග කොළඹ අපරාධ කොට්ඨාසය අද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී යින් මත්කුඩු ග්‍රෑම් 22 යි මිලිගෑම් 970ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15යි මිලිගෑම් 940ක් සහ කප්පම් ඉල්ලීම සඳහා යොදාගත් ස්මාර්ට් ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන ගෙන තිබේ.

සැකකරුවන් මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කර දින 7 රැඳවුම් නියෝග ලබාගැනීමෙන් අනතුරුව වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතය