Spread the love

ඉඹුල්ගොඩ ඉහළ යාගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් හතර දෙනෙකු ඊයේ රාත්‍රියේ මත්පැන් පානය කරමින් සිටියදි ඇතිවු ආරවුලකදි එක් පුද්ගලයකු මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ ඉහළයාගොඩ ප්‍රදේශයේම පදිංචි ඩෙන්සිල් සෝමසිරි (62) නැමැති පස් දරු පියෙකි
මියගිය අයගේ හිසේ සහ නලලේ ලේ පැල්ලම් දක්නට ඇති බවත් මොහුට කිසියම් පහරදිමකින් හෝ වෙනයම් සිදුවීමකින් මිය ගොස් ඇති බවට පොලිසිය සැක කරයි.
මොහු සමගින් මත්පැන් පානය කළ ඉතිරි හතර දෙනා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය පිළිබදව යක්කල පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.