Spread the love

පුංචි තිරයෙත් සිනමා තිරයෙත් ආන්දොලනාත්මක චරිත නිරූපණයේ යෙදෙන රංගන ශිල්පිනියක් විදිහට සේමිණි ඉද්දමල්ගොඩ හඳුන්වා දෙන්න පුළුවන්.

සේමිණි පසුගිය දවසක සරසවිය සමඟ සම්මුඛ වෙමින් ඇගේ රංගන ඉතිහාසයේ රසමුසු තැන් මේ විදිහට හෙළි කර තිබුණා.

වේදිකා නාට්‍ය ගත්තම, බුද්ධික දමයන්තගේ ‘පුංචි ආදර බලකිරීමක්’ නාට්‍යයේ ඔබ කළ සම ලි ගික චරිතය කැපී පෙණුනා?

ඒ චරිතේ රඟපානකොට ෆීල්ඩ් එකට මම අලුත්.. මම ඒ සමලිගික කතා ගැන ලොකුවට දැනගෙන හිටියේ නෑ. මට ඕනේ වුණා ඒ වගේ කෙනෙක් ආශ්‍රය කරන්න. මට ඒ වගේ අය ගොඩක් හම්බුණා. කාන්තාවන්ට වඩා පිරිමි අයව තමයි හම්බුණේ. ඒක රඟපාන්න මම කිසි දෙයක් දැනන් හිටියේ නැ. ඒ නිසයි ඕනේ උනේ ආශය කරන්න. මම මිතුරියන්ට කිව්වට පස්සෙ මට ඒ වගේ කෙනෙක්ව මුණ ගැස්සුවා. හරිම ශෝක් එයා. මම නම් ගම් කියන් නෑ. ඇත්තටම මම එයාගේ චරිත ලක්ෂණ තමයි අනුකරණය කළේ පුංචි ආදර බල කිරීමක් කියන වෙදිකා නාට්‍යයේ. එයාගේ ගමන් විලාසය පවා අනුකරණය කළා.. හොඳම නිළිය සම්මානය හම්බුණා ඒකට. තාමත් එයා මගේ යෙහෙළියක්, හරිම සුන්දර යාලුවෙක්. ඒගොල්ලො වරදක් මම දකින් නෑ.. ඒක එයාලා තෝරගත්ත එයාලගේ ජීවිතේ..