Spread the love

ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගි වූ සමගි ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාට සමුළුව ඇමතීමට නොහැකි වූයේ වෙන කිසිදු හේතුවක් නිසා නොව එම සමුළුවේ පැවති තාක්ෂණික දෝෂයක් නිසා යැයි නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඉකුත් 08 වැනිදා ‘දිවයින ඉරිදා සංග්‍රහයේ’ පලවූ ප්‍රධාන පුවත සම්බන්ධයෙන් කරුණු දක්වමින් මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

එම සමුළුවේදී තමා සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව අදහස් දැක්වූ බවත් හෙක්ටර් අප්පුහාමි මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධව අදහස් දැක්වීමට සූදානම්ව සිටි බවත් කීවේය.

හෙක්ටර් අප්පුහාම් මහතාට සමුළුව ඇමතීමට නොහැකි වීමට අදාළ තාක්ෂණ දෝෂය සම්බන්ධ සියලු වාර්තා ලැබී ඇති බවත් නලින් බණ්ඩාර මහතා එහිදී සඳහන් කළේය.