Spread the love

එකම බ්ලේඩ් තලයක් භාවිතා කරමින් සරසවි සිසුන් දොළොස් දෙනෙකුගේ හිස් බූගා රැවුල් කපා ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති සුරේෂ් රාගවන් මහතා සඳහන් කරයි.

එම ක්‍රියාව මනුෂ්‍ය ඝාතනයක් හා සමානව සැලකිය හැකි බවත් ඊට හේතුව එක් අයෙකුගේ ඇති විෂ අනෙක් අයට අයෙකුට එම බ්ලේඩ් තලය හරහා සම්ප්‍රේෂණය වීමේ ඉඩ බවද හෙතෙම පැවසීය.

ඒ හේතුවෙන් මේ වන විටත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකාර පීඨය වසා දමා ඇති බවද හෙතෙම සදහන් කලේය.

කැලණිය විශ්වවිද්‍යාලයේදීත් සිදුව ඇත්තේ මේ ආකාරයේම සිදුවීමක් බවත් එක් ආරක්ෂක නිලධාරියෙක් තම රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට විරෝධය පළකරමින් ආරක්ෂක නිලධාරීන් සිව් දෙනෙකු පැහැර ගෙන ගොස් පහර දී එක් අෙයකු විදුලි කණුවක ගැටගසා තිබූ බවද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

18,033 views